මෙරටට එන්න හදපු ගුවන් යානයේ ගබඩාවට පැනලා... මාස 12ක තහනමක් ?
Sunday, 28 April 2024 - 13:29 | Views - 253
සිඩ්නි ගුවන් තොටුපළේ දී මෙරට බලා පැමිණෙන්නට නියමිතව තිබූ ගිය ගුවන් යානයක භාණ්ඩ ගබඩාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 30 හැවිරිදි පුද්ගලකු බවයි ඔස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඉකුත් සිකුරාදා (26) සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ලැබුණු ඇමතුමකට පොලිසිය ප්‍රතිචාර දක්වා ඇති බවත්, ගුවන්තොටුපළේ ප්‍රධාන පරීක්ෂණ ප්‍රදේශය හරහා පුද්ගලයෙකු දිව ගිය බවට වාර්තා වූ බවයි.

ඒ අනුව ඔස්ට්‍රෙලියානු ෆෙඩරල් පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයාව ඊයේ (27) අත්අඩංගුවට ගත් බව නිවේදනය කළා.

කෙසේ නමුත්, මොහුට ගුවන් තොටුපළේ සීමා සහිත ප්‍රදේශ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන ලෙස දන්වා ඇති අතර, ඔහුට වෙනත් කිසිදු වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවයි එම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් ඔහුට සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළ මාස 12ක තහනමක් පනවා තිබෙන බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top