බැඳෙනවාට වැඩිය ඉක්මණින් හැර ගිහින්, මේකලු හේතුව..
Sunday, 28 April 2024 - 10:14 | Views - 395
කිලෝ මීටර් හැටපන් දහසක් පමණ වූ මේ රටේ දිනකට දික්කසාද සිය ගණනක් වාර්තා වන්නේ නම් එය ශෝචනීය කරුණක්.
ඒත් මෑතකදී විවාහ වන්නන් අතර දික්කසාද ඉහළ යෑමක් දක්නට ලැබෙන බව ද වාර්තා වෙනවා.
2020 වසරේ සිට මෙම තත්ත්වය වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත්, දිසා අධිකරණය මඟින් ලබා දුන් දික්කසාද නඩු තීන්දු සලකා බැලීමේදී මෑත කාලීනව විවාහ වන පිරිස් වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුල වැඩි වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වී ඇති බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීම් අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ටාර් ජනරාල් නීතීඥ ලක්ෂිකා ගනේපොල පවසනවා.
මෙම දික්කසාද සඳහා ද්වේශ සහගත අත්හැරයාම් ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
Share This Article