සියයට 60කගේම බැංකු ගිණුම්වල , රුපියල් 5,000වත් නෑ..
Sunday, 28 April 2024 - 9:14 | Views - 626
මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබෙනවා.
මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කියා සිටියේ, මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයකි (57,200,000) එම බැංකු ගිණුම්වලින් 60%ක්ම රුපියල් 5000ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවයි.
ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බව පැවසූ අමාත්‍යවරයා, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article