ජූලි මාසයේ සිට වෙන්දේසි , ඔන්ලයින් ක්‍රමයට..
Friday, 26 April 2024 - 11:15 | Views - 262
මේ වසරේ ජූලි මාසයේ සිට ඔන්ලයින් ක්‍රමයට වෙන්දේසි සිදුකරන ලෙස ට ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඒ , 2024 ජූලි 25 වැනිදා සිට අන්තර්ජාලය හරහා වෙන්දේසි සිදුකරන ලෙස ටයි.
එසේම, ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කළා.
විවිධ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන්, ඔන්ලයින් වෙන්දේසි කිරීම මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද , මින් ඉදිරියට සියලුම වෙන්දේසි කටයුතු අන්තර්ජාලය හරහා පැවැත්වීමට , සියලු වගකීම් රේගු දෙපාර්තමේන්තුව බාරගෙන ඇති බවද මෙහිදී සඳහන් වුණා.
කෙසේ වෙතත්, මෙම නව ක්‍රමය හරහා රජයට නිසි ආදායමක් ලබා ගැනීමට මෙන්ම, ජනතාවට රන් ඇතුළු භාණ්ඩ තරගකාරී මිලකට ලබා ගැනීමේ විවෘත අයිතියක් ලැබීම වැනි වාසි සිදුවෙන බවද රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article