අධික උණුසුම හේතුවෙන් වැසුණු පාසල්
Friday, 26 April 2024 - 10:33 | Views - 856
මේ දවස්වල පවතින අධික උණුසුම නිසා බොහෝ දෙනෙක් දැඩි අපහසුතා රැසකට මුහුණ දී තිබෙනවා..
ඒ අතරින් කුඩා දරුවන්ට මේ උණුසුම දරාගන්නම අපහසුයි..
මේ කියන්න යන්නේ බංග්ලාදේශයේ පාසල් සිසුන් ගැන ඇහෙන කතාවක්..
ගෝලීය උණුසුම ඉහළ යෑමේ නිසා බංග්ලාදේශයේ මෙම දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් එරට සියලු ප්‍රාථමික පාසල් මෙම 27වැනිදා දක්වා වසා තැබීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා...
මේ අනුව, බංග්ලාදේශයේ පාසල් සිසුන් මිලියන 33කට නිවෙස්වලට වී සිටීමට සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසන්නේ..
දේශගුණික විපර්යාසයන් හේතුවෙන්, ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රතිපලයක් වශයෙන් බංග්ලාදේශයේ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 42ක් (ෆැරන්හයිට් අංශක 108) දකවා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ..
Share This Article