මේ ලෙඩේ තිබුණොත් , ඔයාටත් පොලිසියෙන් බේරෙන්න පුළුවන්..
Thursday, 25 April 2024 - 13:00 | Views - 373
මේ කියන්න යන්නේ ඔබ හිතන්නෙ නැති විදිහේ වෙනස් කතාවක්..
බීමත් රියදුරෙකුට ඕනම රටක ලැබෙන දඬුවම ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
මේ කියන තැනැත්තා හැමදාම මුහුණ දෙන්නේ නොසිතූ ඉරණමකට..
ඔහු බෙල්ජියම් ජාතිකයෙක්..
බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ලවීමෙන් අත්අඩංගුවට ගනු ලැබු බෙල්ජියම් ජාතිකයකුගේ සිරුරෙන් ඇල්කොහොල් නිපදවන දුර්ලභ රෝගි තත්ත්වයක් ඇති බව තහවුරු වී තිබෙනවා..
ඒ අනුව, ඔහු නිදහස ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..
මොහු දුර්ලභ රෝගියකු බව අධිකරණයේදී ඔහුගේ නීතිඥවරයා වෛද්‍ය සහතික ඉදිරිපත් කරමින් තහවුරු කර ඇති අතර, ස්වාධීන වෛද්‍යවරු තිදෙනකු විසින් ඔහු පරීක්ෂාවට ලක් කිරීමෙන් පසු එය තහවුරු කර තිබෙනවා.
එසේම, එය බෙල්ජියමේ නඩු ඉතිහාසයේ විමතිය දනවන සුළු නඩු විභාගයක් බවට ද පත්වී තිබුණා..
Share This Article