විභාගය නැතුව කොරියා යන්න පුළුවන් ද ? මෙන්න ඇත්ත..
Thursday, 25 April 2024 - 12:40 | Views - 369
රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර ඇති බවට වාර්තා වනවා.

ඒ සඳහා, කොළඹ මාකොල ප්‍රදේශයේ පැවැති දින හයක පුහුණුවට තරුණයින් හැට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවාගෙන ඇති අතර එක් තරුණයකුගෙන් රුපියල් 40,000 බැගින් අය කරගෙන ඇති බව ඊට සම්බන්ධ තරුණයින් සඳහන් කර තිබෙනවා.

විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට රැකියා පනහක් ලැබෙන අතර වතුකරයේ තරුණයින් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දලු කැඩීමට බාධා වන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයින්ට පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඉල්ලීම පරිදි පුහුණුවට ගිය සෑම තරුණයෙකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි අදාළ දේශපාලනඥයාට භාර දී මාස දෙකක් ගත වී ඇතත් තවමත් එක් තරුණයකු හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති බැවින් වියදම් වූ මුදල්වලටද අවිනිශ්චි තත්ත්වයක් ඇති වී ඇතැයි තරුණයින් සඳහන් කළා.

පුහුණුව සතියකට එක් දිනක් පැවති අතර පුහුණුවට යන සෑම දිනකටම බස් රථයට රුපියල් 1500කුත් ආහාර පාන සහ වෙනත් වියදම් සමඟ මේ වන විට එක් තරුණයකුගෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසකට වැඩි මුදලක්ද වියදම් වී ඇති බවයි ඔවුන් පේනවා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් කොරියානු තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී සඳහන් කළේ විභාගයකින් තොරව කොරියානු රැකියා සඳහා කිසිසේත්ම අවස්ථාවක් ලබා නොදෙන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top