බොරතෙල් මිල පහළට
Thursday, 25 April 2024 - 11:50 | Views - 665
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින්, ඊයේ (24) ඩොලර් 87 සීමාවේ පැවතුණා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 87.92ක් ලෙසයි.
ගත වූ මාසයක කාලය සැලකීමේදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල නිරන්තරයෙන් ඩොලර් 90 සීමාවට ළඟා වූ අතර, තොග වැඩි වීම හේතුවෙන් මෙලෙස ලෝක තෙල් මිලෙහි අඩු වීමක් වාර්තා වනවා.
WTI බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 82.69ක් ලෙසයි.
Share This Article