තාත්තගේ මරණය ගැන සැක ද? '' තාත්තාගෙයි , මගෙයි නෝක්කාඩුව එහෙම එකක් නෙමෙයි.. ''
Tuesday, 23 April 2024 - 13:44 | Views - 892
යන්නම ගිය තාත්තා කෙනෙක් ගැන හරියටම දැනගන්න ඕනේ නම් කතා කරන්න ඕනේ ඒ තාත්තගේ පුතත් එක්ක කිවුවොත් හරියටම හරි..නේද ?

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ, නොසිතුව මොහොතක අපි අතරින් සමුගත්ත , හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ගැන...

ඒ අඳුර දවසේ ඒ සිද්ධිය කොහොමද වුනේ.. තාත්තගේ මරණය ගැන සැක ද?

එදා දවස ගොඩක් වැහිබර දවසක්, ඉතින් අපි සේරමලා ලෑස්තිවෙලා ගස් වලට පොහොර ගේන්න ගියා. කොහොම හරි පොහොර බාගයක් තමයි මුලින් පටවන් ආවේ, ඊට පස්සේ ඉතුරු පොහොර ටික ගේන්න යන්න අපි කට්ටියම ලහි ලහියේ වැඩ කලා. කොහොම හරි අපි ඉතුරු පොහොර ටිකත් අරන් ඇවිත් , කන්න ඕනේ කියලා තීරණය කරද්දීත් ටිකක් හවස් වෙලා.

ඊට පස්සේ තමයි, මම කෑම ගේන්න ගෙදරට ගියේ. ඉතින් ඒ ගිහින් කෑම අරන් එන්න ලැබුණේ නැහැ , තාත්තාට විදුලි සැර වැදිලා රෝහලට අරන් ගියා කියලා අපේ කෙනෙක් කතා කළා. ඊට පස්සේ අපි ඉක්මණින්ම රෝහල වෙත ගියත් ඒ යනවිටත් , ඔහු නොයෙන්නම ගිහින් තිබුණා.

එහෙම තමයි සිද්ධිය වුණේ ,අපි දකින විදිහට මේ මරණය කිසිම සැක සහිත එකක් නෙමෙයි, හදිසියේ සිදුවුණු අනතුරක් වගේ.

තාත්තා දේශපාලනය කරපු එක ගැන කොහොමද දැනෙන්නේ?

තාත්තා අන්තිම කාලේ දේශපාලනය ගැන කළකිරිලා හිටියේ, අනික තාත්තා දේශපාලනය කළේ නෑ , තාත්තා කළේ සමාජ සේවය , අපි කැමති එහෙම කියනවාට.

මොකක්ද ඔය හැමෝම කියන , ඔබත් එක්ක (පොඩි පුතා ) තාත්තා තිබුණා කියන නොහොද නෝක්කාඩුකම ?

අනේ, මෙහෙමයි ඒක ඇති වුණේ මම තාත්තාට නොකියා වරායේ කම්කරු රැකියාවකට ගිය නිසා. තාත්තා කැමති වුණේ මං එයා එක්ක මේ වගා වැඩ කරගෙන ඉන්නවට , ඒත් ඒක එහෙම කරන්න බැරිවුණේ අපි ආර්ථික අතින් ශක්තිමත් නැති නිසා, තාත්තා උපයන දේ අපි හැමෝටම ජීවත් වෙන්න මදි. ඒකයි මං කම්කරු රැකියාවකට ගියේ.

අයියට මොකද වුණේ ?

ඇත්තටම අයියා නැති වුණේ අහම්බෙන් , විසප්පු ගෙඩියක් දාලා නිසා. මං එදා පලවෙනි පාරට වගේම අවසාන පාරට තමයි මගේ තාත්තා අඬනවා දැක්කේ. එයා අයියගේ මරණින් හොඳටම අවුල් වුණා. අන්තිමට එයා sleeping tablets පවා ගත්තා. ඊට පස්සේ තමා මං රස්සාවට යන එක නවත්තලා තාත්තා එක්ක වැඩ කරන්න ගත්තේ. 

අන්තිමටම දේශපාලනයට එන්න කියලා තාත්තා කතා කලාද ?

කවදාවත් නෑ , තාත්තා කළේ සමාජ සේවය , ඒක එහෙම්මම අපි දිගටම කරගෙන යනවා. ඒකට අවශ්‍ය දේවල් තාත්තා අපිට හදලා දීලා තියෙන්නේ.



( අන්තර්ජාලය ඇසුරෙන්..) 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top