හෙලිකොප්ටර් දෙකක් ගැටී, දස දෙනෙකුට දිවි අහිමි වෙයි..(Photos)
Tuesday, 23 April 2024 - 11:40 | Views - 672
කිසිවෙකුත් අපේක්ෂා නොකළ, මෙම අනපේක්ෂිත අනතුර සිදුව ඇත්තේ, නාවික දින සැමරුම හා සමගාමීව පැවති පෙර පුහුණුවීමක් අතරතුරදීයි..

රාජකීය මැලේසියානු නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් දෙකක් මැලේසියාවේ ලුමුට් නගරයට ඉහළ අහසේ දී ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

90 වැනි නාවික දින සැමරුම සඳහා වූ පෙර පුහුණුවීමක් අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි එම මාධ්‍ය වාර්තා කරන අතර එලෙස අනතුරට පත්ව ඇත්තේ HOM M503-3 වර්ගයේ හෙලිකොප්ටරයක් හා Fennec M502-6 වර්ගයේ හෙලිකොප්ටරයක්..

අනතුර සිදුවන අවස්ථාවේ දී HOM M503-3 යානය තුළ පුද්ගලයන් 7 දෙනෙක් ද Fennec M502-6 යානය තුළ පුද්ගලයන් තිදෙනෙකු ද වූ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..

කෙසේ නමුත්, එම මාධ්‍ය වාර්තා සැක පළ කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ දී අදාල යානාවන් දෙකෙහි සිටි කිසිදු අයෙක් දිවි බේරා ගැනීමට සමත් වී නැති බවටයි.. 












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top