වයස අවුරුදු 18ට වැඩි ද? මෙන්න විශේෂ දැනුම්දීමක්..
Tuesday, 23 April 2024 - 9:18 | Views - 820
රටේ තරුණ පරපුර ගැන නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න එක ඇත්තටම වැදගත්..
කාලෙන් කාලෙට එක එක ප්රවණතා එක්ක තරුණ පරපුර එක එක කාලවලදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා... ඒ අතර බෝ නොවන රෝග විශේෂයි..
බෝ නොවන රෝගවලින් ආරක්ෂාවීම සඳහා වයස අවුරුදු 18කට වැඩි සෑම අයෙකුම සතියකට විනාඩි 150ක් ව්‍යායාමවල නිරත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා...
එහි බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ෂෙරිල් බාලසූරිය මේ බව කියා සිටියා.. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගිය 17වනදා පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්..
අප්‍රේල් මාසයට යෙදෙන ශාරීරික යෝග්‍යතා මාසය වෙනුවෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වා ඇති බවටයි වාර්තා වෙන්නේ..
Share This Article