බක් පුර පසළොස්වක පොහොය අදයි !
Tuesday, 23 April 2024 - 8:30 | Views - 279
බක් පුර පසළොස්වක පොහොය අද (23)ට යෙදී තිබෙනවා.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙවැනි වරටත් ශ්රී ලංකාද්වීපයට වැඩම කරනු ලැබුවේ අදවන් බක් පුරපසලොස්වක පෝය දිනකදීයි.
එදා නාගදීපයේ විසු චුලෝදර හා මහෝදර නම්, නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ඇතිවූ ගැටළුවක් මහා යුද්ධයක් බවට පත් වී ඇති වෙන්නට ගිය විනාශය නැවත්වීම පිණිස උන් වහන්සේ ලක්දිවට වැඩම කරනු ලැබුවා.
එමෙන්ම බුදුන් වහන්සේ දුටු සතර පෙර නිමිති අතරින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුවක් නෙත ගැටීම සිදුවී ඇත්තේද මෙවන් බක් පුර පෝය දිනකදීය.
තවද බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්රථම වරට තම නෑදෑ වර්ගයා හට නිවන් අවබෝධ කර දීමේ අරමුණින් රජගහ නුවර වෙළුවනාරාමයේ සිට දින තිහක් පුරා යොදුන් විසි දහසක් ගමන් කොට කිබුල්වත් නුවරට වැඩම කර ඇත්තේද අද වන් බක් පුර පෝය දිනකදී බව බෞද්ධ ඉතිහාසයේ සදහන්.
Share This Article