තෙල් මිල ගැන ඇහෙන අලුත්ම කතාව
Sunday, 21 April 2024 - 10:25 | Views - 461
ලෝකයේ තෙල් මිලෙහි සිදුවෙන වෙනස්වීම අපටත් බලපාන අවස්ථා නැතුවාම නෙවෙයි..
ඒ නිසා මේ ගැන අවධානයෙන් ඉන්න එකත් වැදගත්..
ඉරාන - ඊශ්‍රායල අර්බුදය හමුවේ, ඊයේ(20) අමෙරිකානු ඩොලර් 90ට ආසන්න වූ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සති අන්තය ආරම්භ වන විට ඩොලර් 87ත් 88 ත් අතර අගයක පැවතුණා..
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල ඩොලර් 87. 29 ක් ලෙසයි දැක්වුණේ..
ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 83. 14 ක් ලෙසයි..
කෙසේ වෙතත්, ලෝක බොරතෙල් මිල වසර පුරා අඛණ්ඩව ඩොලර් 90ට ආසන්න මට්ටමේ පවතිනු ඇති බවට විශ්ලේෂකයින් මීට පෙර මත පළ කළා..
Share This Article