පාසලක සිසුන්ට කොරෝනා - ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ
Monday, 19 April 2021 - 13:08 | Views - 219
අද දෙවන වාරය සඳහා පාසල් ආරම්භ කෙරුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.
අප වාර්තාකරුවන් සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් සිසු සිසුවියන් සහ ගුරුවරුන් පාසල් වෙත පැමිණි බවයි.
එසේම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පාසල්වල ඉගැන්වීමේ කටයුතු සිදුකරන ආකාරයක් ද දක්නට ලැබුණා.
මේ අතර කොට්ටාව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක හා එහි ප්‍රාථමික විද්‍යාලයෙන් කොරෝනා ආසාදනය වූ සිසුන් හයදෙනෙකු හඳුනාගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ කොරෝනා පරීක්ෂණ අද සිදු කෙරෙනවා.
ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ පසුගිය හතරවනදා පළමු ආසාදිත සිසුවා හඳුනාගෙන තිබූ අතර, ඔහුගේ ආශ්‍රිතයින්ට සිදුකළ කොරෝනා පරීක්ෂණවලින් අනතුරුව පසුගිය 12 වනදා සහ 16 වනදා අනෙක් සිසුන් පස්දෙනා ආසාදිතයන් බවට හඳුනාගත් බවයි.
Share This Article