"ශ්‍රී පාද මාවත වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නැහැ, එය මහජනතාව සතුයි" ශ්‍රී පාදස්ථානාධිපති හිමි
Thursday, 19 November 2026 - 19:10 | Views - 60
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන මාර්ගය කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට අයත් නොවන අතර, එය මහජනතාව සතු මාර්ගයක් බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් මාර්ගයේ පරිසරයට සහ පොදු දේපළවලට දැඩි හානි සිදුකරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

එම සංචාරකයන්ගෙන් වනජීවී දෙපාර්තමේන්තුව මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බැවින්, එම හානි සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේදී ගැටලු මතුව ඇති බවද උන්වහන්සේ සඳහන් කළා.

2026-2027 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි පෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 18 වැනිදා නල්ලතන්නිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදීයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.

නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල සිට රත්නපුර පලාබද්දල ශ්‍රී පාද තොරණ දක්වා දිවෙන මාර්ගය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන බවද ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් එහිදී අවධාරණය කළා.

ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර, එම මාර්ගයේ දෙපසින් අඩි 20 බැගින් ඇතුළත් වන පරිදි ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙස අවස්ථා කිහිපයකදීම පැවති රජයන්ගෙන් ඉල්ලා සිටියත්, මෙතෙක් එය ඉටු වී නොමැති බවද උන්වහන්සේ සඳහන් කළා.

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අවසන් වීමට පෙර එම කටයුතු සිදුකරන ලෙස නුවරඑළිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිංජුල සුරවීර ආරච්චිගෙන් ද උන්වහන්සේ ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, දිට්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ විශාල නායයෑමක් සිදුවූ බවද උන්වහන්සේ සිහිපත් කළා.

එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කර ආරක්ෂක අංශ යෙදවීමට පියවර ගත් බවයි උන්වහන්සේ පැවසුවේ.

පසුගිය දිනවල ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ ඉදිකටු පහණ ප්‍රදේශයේද එවැනිම නායයෑමක් සිදුව ඇති අතර, එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහාද ජනාධිපතිවරයා මැදිහත් වූ බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top