මව, පියා සහ දරු දෙදෙනාට දිවි අහිමි කළ කඩුවෙල ඛේදවාචකය.. ගින්නට හේතුව විදුලි කාන්දුවක් දැයි සැක..
කඩුවෙල නගරයේ පිහිටි විද්යුත් උපකරණ අලෙවි සැලක හටගත් ගින්නකින් මව, පියා ඇතුළු කුඩා දරුවන් දෙදෙනෙකු මිය යෑමේ සිද්ධියට හේතුව විදුලි කාන්දුවක් බවට සැක මතුව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, මූලික විමර්ශන වලදි ඒ සම්බන්ධයෙන් අනුමාන කළ හැකි සාධක ලැබී ඇති බවයි.
අද අළුයම 5.30ට පමණ කඩුවෙල නගරයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක තිබූ විද්යුත් උපකරණ අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණා.
මාලඹේ තලාහේන ප්රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවලක් විසින් මෙම ගොඩනැගිල්ල බදු පදනම යටතේ ලබාගෙන විද්යුත් අලෙවිසැල පවත්වාගෙන ගොස් තිබූ අතර අඹු සැමි යුවල සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා වෙළඳසැලෙහි උඩු මහලේ නවාතැන් ගෙන සිට තිබුණා.
ඒ අනුව එම අඹුසැමි යුවල ඊයේ දෛනික වැඩ කටයුතු නිමකර සිය දරුවන් සමඟ උඩුමහලට ගොස් නින්දේ පසුවන අතරතුරයි මෙම ගින්න හටගෙන ඇත්තේ.
ගින්නට මැදිවී උඩුමහලේ සිරව සිටි ඔවුන් සිවුදෙනා ප්රදේශවාසීන් සහ පොලිසිය එක්ව ඉන් මුදාගෙන රෝහල් ගත කිරීමටයි පියවර ගෙන තිබුණේ.
කෙසේ වෙතත්, ඒ වනවිටත් බරපතල පිළිස්සුම් තුවාල ලබා සිටි ඔවුන් සිවුදෙනා රෝහල් ගතකිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 30 සහ 35 යන වයස්වල පසුවූ අඹූසැමි යුවලක් සහ ඔවුන් දෙදෙනාගේ වයස අවුරුදු 2 සහ 5 හැවිරිදි දියණියන් දෙදෙනායි.
ගින්න නිවිම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් යොදවා ගෙන තිබුණා.