හිසකෙස් ගැලවී යෑමට විසඳුමක් අත ළඟද? 98%කට ආසන්න හිසකෙස් වර්ධනයක් පෙන්වූ පුදුම සහගත පනාව..
Thursday, 19 November 2026 - 16:30 | Views - 12
හිසකෙස් නැවත වැවීම උත්තේජනය කළ හැකි නව විද්‍යුත් පනාවක් චීන විද්‍යාඥයන් විසින් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමගින් දින 28ක් වැනි කෙටි කාලයක් තුළ රසායනාගාර මීයන්ගේ හිසකෙස් ආවරණය සියයට 98කට ආසන්න මට්ටමකට ගෙන ඒමට හැකි වී ඇති අතර, එය තට්ටය පෑදීම සඳහා නව ප්‍රතිකාරයක් පිළිබඳ බලාපොරොත්තු දල්වා ඇති බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ.

'ඩිටැංගල්' (Detangle) ලෙස නම් කර ඇති මෙම පර්යේෂණාත්මක උපකරණය, හොංකොං නගර විශ්වවිද්‍යාලයේ (City University of Hong Kong) විද්‍යාඥයන්ගේ සහයෝගීතාව ඇතිව බීජිංහි බෙයිහාං විශ්වවිද්‍යාලයේ (Beihang University) පර්යේෂකයන් විසින් නිපදවා තිබෙනවා.

නොවැම්බර් 3 වැනිදා 'නේචර් කොමියුනිකේෂන්ස්' (Nature Communications) විද්‍යා සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, මෙම උපකරණය මෘදු විද්‍යුත් උත්තේජනය සහ චිකිත්සක අණු කෙලින්ම කෙස් කළඹ වෙත ලබා දීම ඒකාබද්ධ කරයි.

ප්‍රධාන වශයෙන් ආලේපන ඖෂධ මත රඳා පවතින සාම්ප්‍රදායික හිසකෙස් ගැලවී යෑමේ ප්‍රතිකාර මෙන් නොව, මෙම විද්‍යුත් පනාව හිසකෙස් හරහා ගමන් කරන අතරතුර විද්‍යුත් ස්පන්දන ජනනය කිරීම සඳහා කුඩා ඉලෙක්ට්‍රෝඩ අඩංගු විශේෂයෙන් නිර්මාණය කරන ලද දත් භාවිත කරනු ලබනවා.

විද්‍යුත් උත්තේජනය මගින් චිකිත්සක අණු සම තුළට වඩාත් ගැඹුරට විනිවිද යෑමට සහ කෙස් කළඹ වෙත වඩාත් ඵලදායී ලෙස ළඟා වීමට උපකාරී වෙනවා.

රටාමය හිසකෙස් ගැලවී යෑම (patte hair loss) ලෙස පොදුවේ හඳුන්වන ඇන්ඩ්‍රොජෙනටික් ඇලෝපීසියා (androgenetic alopecia) තත්ත්වය පර්යේෂණාත්මකව ඇති කරන ලද මීයන් යොදා ගනිමින් පර්යේෂකයෝ මෙම උපකරණය පරීක්ෂා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

දින 28කට පසු, ඒකාබද්ධ විද්‍යුත් උත්තේජනය සහ චිකිත්සක ප්‍රතිකාරය ලැබූ මීයන්ගේ ප්‍රතිකාර කළ ප්‍රදේශයේ හිසකෙස් ආවරණය ආසන්න වශයෙන් සියයට 97.85ක් දක්වා ළඟා වී ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මීට සාපේක්ෂව, හිසකෙස් ගැලවී යෑම සඳහා බහුලව භාවිත කරන ඖෂධයක් වන මිනොක්සිඩිල් (minoxidil) ලබා දුන් මීයන්ගේ හිසකෙස් ආවරණය එම පර්යේෂණ කාලය තුළදී ආසන්න වශයෙන් සියයට 70ක් වී තිබෙනවා.

මෙම ප්‍රතිඵල මෙතෙක් සතුන් මත පමණක් පෙන්නුම් කර තිබුණද, නව තාක්ෂණය මගින් සාම්ප්‍රදායික ආලේපන ප්‍රතිකාරවලට වඩා හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීම සඳහා වඩාත් ඵලදායී ප්‍රවේශයක් ලබා දිය හැකි බවයි මෙම සොයාගැනීම්වලින් පෙනී යන්නේ.

එදිනෙදා හිස පීරීමේ ක්‍රියාවලියකට මෙම තාක්ෂණය ඇතුළත් කිරීමෙන් හිසකෙස් ගැලවී යෑමේ ප්‍රතිකාර වඩාත් පහසු කිරීම සඳහා පර්යේෂණ කණ්ඩායම මෙම පනාව නිර්මාණය කර තිබෙනවා.

මෙම උපකරණයේ විශේෂයෙන් සකසන ලද ඉලෙක්ට්‍රෝඩ මගින් කෙස් කළඹ දෙසට වඩාත් ගැඹුරට විනිවිද යන විද්‍යුත් ක්ෂේත්‍ර ජනනය කරන අතර, එමගින් චිකිත්සක සංයෝග ලබා දීම වැඩි දියුණු කරනවා.

විද්‍යුත් උත්තේජනය සහ ඉලක්කගත අණුක ප්‍රතිකාර ඒකාබද්ධ කිරීම මගින් හිසකෙස් ගැලවී යෑම හා සම්බන්ධ ජීව විද්‍යාත්මක ක්‍රියාවලීන්ට ප්‍රතිචාර දැක්වීමට හැකි වනු ඇති බවයි පර්යේෂකයෝ විශ්වාස කරන්නේ.

කෙසේ වෙතත්, මෙම උපකරණය තවමත් පර්යේෂණාත්මක මට්ටමක පවතින බවත්, මිනිසුන්ගේ හිසකෙස් නැවත වර්ධනය කිරීම සඳහා එය මෙතෙක් සායනිකව සනාථ කර නොමැති බවයි විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top