දෙවන වාරයට අද පාසල් ඇරඹුණු හැටි
Monday, 19 April 2021 - 8:36 | Views - 288
දෙවන වාරය සඳහා දිවයින පුරා සියලු පාසල් අද (19)  සිට ආරම්භ වනවා.

පළමු පාසල්වාරය සඳහා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම දෙවන පාසල් වාරය සඳහා ද ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කළ ද අද (19) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා එකවර පාසල් විවෘත කරනු ලබන්නේ වසරකට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් සඳහා ළමුන් ගෙන්වා ගැනීම තවදුරටත් කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වාරය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අදාළව සිසුන් 15ක් දක්වා සිටින පංති සෑම සතියේ දිනකමත්, සිසුන් 16 - 30ත් අතර සිටින පංති කණ්ඩායම් 02කට බෙදා සතියක් හැර සතියක් සහ සිසුන් 30කට වැඩි පංති කණ්ඩායම් 03කට බෙදා සමාන දින සංඛ්‍යාවක්වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.

දරුවන් පාසල් සඳහා පැමිණීමේදී මුව ආවරණයක් පැළඳීම අනිවාර්යවන අතර දෑත් පිරිසිදුව තබාගැනීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටද වගබලා ගත යුතුයි.

කෑම පෙට්ටි, වතුර බෝතල් වැනි පෞද්ගලික උපකරණ අන් අය සමඟ එක්ව පරිහරණය නොකිරීමටත් සිසුන් වගබලා ගත යුතු වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top