දේවස්ථාන වලට ලැබෙන විශේෂ ආරක්ෂාව
Monday, 19 April 2021 - 8:30 | Views - 324
දිවයින පුරා සියලුම දේවස්ථාන සඳහා අනිද්දා ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.ඒ, මීට වසර දෙකකට පෙර මේ මස 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහි කර දේවස්ථානවල දේව මෙහෙයන් සහ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබීම හේතුවෙන්. මේ අතර කොළඹ - කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයක් හේතුවෙන් හෙට (20) පස්වරු හතරේ සිට අනිද්දා දහවල් 12 දක්වා දේවස්ථානය අසළ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කර තිබෙනවා.ඒ අනුව ශාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත සහ ක්‍රිස්ටි පෙරේරා මාවතේ ගමනාගමනය සීමාවනු ඇති.
Share This Article