අවුරුදු සාදයේදී මාමා අතින් බෑනා එළොව යයි
Friday, 16 April 2021 - 15:23 | Views - 2,384
කොත්මලේ පොලිස් බල ප්‍රදේශයට අයත් වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පැවැති අවුරුදු සාදයකදී ඇති වු බහින්බස්වීමක් දුරදිග ගොස් මාමා විසින් බෑණාට මුඟුරකින් පහරදී  ඊයේ (15) රාත්‍රීයේ මරා දමා ඇතැයි කොත්මලේ පොලීසිය පවසනවා.
 
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොත්මලේ, වෙදමුල්ල වත්තේ කැමිල්ටන් කොටසේ පදිංචිව සිටි ගනේෂන් විජකුමාර්  නැමැති (35) හැවරිදි එක්දරු පියෙකු බවට පොලීසිය හඳුනාගෙන තිබෙනවා.
 
අවුරුදු සාදයේදී මාමා හා බෑණා අතර ඇති වු ආරවුලක් දුරදිග ගොස් මාමා මුඟුරකින් බෑණාගේ හිසට පහරදී ඇති බවත් පසුව 1990 හදිසි ගිලන් රථ සේවාවට දැනුම්දී එම රථය පැමිණීමට ප්‍රමාදවීම නිසා මාමා සිය ත්‍රී රෝද රථයෙන් තුවාල ලැබු බෑණා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

පසුව අතරමගදී ගිලන් රථය පැමිණ ඇති අතර එහි කාර්ය මණ්ඩලය තුවාලකරු පරීක්ෂා කොට බැලීමෙන් අනතුරුව තුවාලකරු මියගොස් ඇති බව දැනුම්දී තිබෙනවා.

ඉන් පසුව මියගිය  පුද්ගලයා මහනුවර- නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වෙදමුල්ල ප්‍රදේශයේ මහමග දමා ගොස් ඇතැයි පොලීසිය පවසනවා.
 
මෙම සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට මාමා දැනට කොත්මලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා පැමිණ සිදු කරන ලබන ස්ථානීය පරීක්ෂා කිරීම්වලින් අනතුරු මියගිය පුද්ගලයාගේ මළසිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට කටයුතු කරන බව පොලීසිය කළා.

කොත්මලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබනවා.
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top