"හිස" ගැන පොලිසියෙන් කියන දේ මෙන්න...
මාතර තොටමුණෙන් ඊයේ (15) හමුවූ පිරිමි පුද්ගලයකුගේ හිස කොටස ආසන්නයේ තිබී, වම් පාදයක කොටසක් අද (16) උදෑසන පොලිසිය සොයා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ හිස කොටස ඝාතනයට ලක්වූ පුද්ගලයෙකුගේ හිස කොටසක්ද එසේ නොමැති නම් දිවි හානිකරගත් පුද්ගලයෙකුගේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
මාතර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.