දියනෑමට ගොස් ජීවිතයට සමුදුන් පියා සහ පුතා ගොඩට ආ හැටි
Friday, 16 April 2021 - 11:18 | Views - 208
හල්දුම්මුල්ල - කළුපහන පාලම් දෙක අතර වේලි ඔයේ දියනෑමට ගොස් ඊයේ අතුරුදන්වූ පියාගේ සහ පුත්රයාගේ මළ සිරුරු අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.පාලමේ සිට මීටර 800 ක පමණ දුරින් ගල්පර අතර සිරවී තිබියදී ඔවුන්ගේ මළ සිරුරු සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පියාගේ වයස අවුරුදු 52 ක් වන අතර, පුත්රයාගේ වයස අවුරුදු 14 ක්.වේලි ඔයේ ඉහළ ධාරා ප්රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමඟ එක්වරම එහි ජලය වැඩිවීමෙන් ඊයේ ඔවුන් මෙම අනතුරට ලක්වුණා.එහිදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු ප්රදේශවාසීන් විසින් බේරාගනු ලැබුවා.
Share This Article