අයියා පණ ගැන්වූ යතුරුපැදියට බිළි වූ පුංචි නංගී
Friday, 16 April 2021 - 10:42 | Views - 225
හදිසි අනතුරු වැඩිවෙයි - පැය 24ට 74ක් රෝහලේ !

ඊයේ දිනය තුළ අධිවේගී මාර්ග සහ අනෙකුත් මාර්ගවල රිය අනතුරු 121 ක් පමණ සිදුව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කළේ මෙම අනතුරු වලින් මරණ 10ක් පමණ සිදුව ඇති බවයි.

එමෙන්ම මෙම අනතුරු වලින් 74ක් පමණ තුවාළ ලබා තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේ චාවකච්චේරිය චන්ද්‍රපුරම් ප්‍රදේශයේදී කුඩා දරුවෙකු විසින් පණ ගැන්වූ යතුරුපැදියකට යටවී වයස අවුරුදු එකහමාරක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

යතුරුපැදියේ හිමිකරු බැහැරක ගොස් නැවත පැමිණ යතුරුපැදිය නවතා එහි යතුරු කටෙහි යතුර රඳවා තබා ගොස් තිබෙනවා

මෙහිදී නිවසේ සිටි දස හැවිරිදි කුඩා දරුවකු යතුරුපැදිය පණ ගැන්වීමට උත්සහ දරා ඇති අතර හදිසියේ පණ ගැන්වුණු යතුරුපැදිය ධාවනය වී ඔහුගේ ඉදිරියේ සිටි වයස අවුරුදු එකහමාරක් වන කුඩා නැගණිය අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට ලක් වූ දැරිය වහාම චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ද රෝහල් ගත කරන විටත් ඇය මිය ගොස් සිටි බවටයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ කුඩා දරුවන් සිටින නිවෙස්වල රථවාහන නවතා යාමේදී මෙවැනි අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වළක්වා ගැනීමට හැකි උපරිම අයුරින් කටයුතු කරන ලෙසයි.

රථවාහන නවතා තැබීමෙදී එහි යතුර ඉවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top