ලබා දීමට නියමිත එන්නතේ තුන්වන මාත්‍රාව
Friday, 16 April 2021 - 8:31 | Views - 346
කොරෝනා වෛරස් රෝගයට එරෙහිව ලොව මෙතෙක් නිෂ්පාදිත සාර්ථකම එන්නත ලෙස සැළකෙන ෆයිසර් බයෝ එන්ටෙක් කොරෝනා එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබාදීමට සිදුවිය හැකි බව ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන විධායක ඇල්බට් බෝ(ර්)ලා පවසනවා.

ඇමරිකානු රූපවාහිනි සේවාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් ඔහු කියා සිටියේ පූර්ණ එන්නත්කරණ වර්ධකයක් ලෙස එලෙස තුන්වන මාත්‍රාවක් මාස 6 ත් 12 ත් අතර කාලයක් තුළ ලබාදිය යුතුදැයි සළකා බලමින් සිටින බවයි.

මේ අතර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ලබාදී රුධිර කැටිති වර්ධනය වූ පුද්ගලයන් හතරදෙනෙකු මියගොස් ඇති බව ඉතාලියෙන් වාර්තාවනවා.

කෙසේ නමුත් පසුගිය මාර්තු 26 වනදා වනවිට ඉතාලියේ කොරෝනා එන්නත් ලබාදුන් මිලියන 9 ඉක්මවූ ජනතාව අතුරින් දරුණු අතුරු විපාක ඇතිවී තිබෙන්නේ සියයට දශම බින්දුවයි හතරක ප්‍රමාණයක්.

එමෙන්ම ඔක්ස්ෆර්ඩ් සරසවිය සිය නවතම අධ්‍යයනයකින් අනතුරුව ප්‍රකාශ කළේ සිය එන්නතට වඩා කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් රුධිර කැටිති ඇතිවීමේ හැකියාව අටගුණයක් හෝ දස ගුණයක් පමණ වන බවයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top