ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරු ටී.වී. සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂකයින් වෙත තිලිණ කරන ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීව වැඩසටහනේ ‘හිරු අවුරුදු කුමරා, කුමරිය’ තේරීම ඊයේ රාත්‍රියේ සිදු කෙරුණා.
ඒ අනුව හිරු අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබුවේ අංක එකෙන් තරග වැදුණු ඉෂාර දිල්ෂාන්.
මෙවර හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවේ අංක හතෙන් තරග වැදුනු සිතුමිණී ප්‍රනාන්දුයි.
අලුත් අවුරුද්දේ උදාව වෙනුවෙන් හිරු ටී.වී. සංවිධාන කළ ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීව වැඩසටහන ඊයේ පැවැත්වුනේ බොල්ගොඩ වයිට් ලෝටස් පරිශ්‍රයේදීයිී.
ප්‍රවීණ සහ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ කලා ශිල්පීන් රැසක් එක්වූ ‘සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ අවුරුදු’ සජීවි වැඩසටහන නැටුම් ගැයුම් රැඟුම්වලින් මෙන්ම ජන ක්‍රීඩාවලින් ද වර්ණවත් වුණා.