චීනයෙන් ආ මත්පැන් වලට උරුම වූ ඉරණම
Monday, 12 April 2021 - 12:07 | Views - 469
කොල්ලුපිටිය, ඇල්ෆ්‍රඩ් හවුස් පාරේ චීන බඩු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක තිබි, නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වූ චීන මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වුණා.
ඊයේ රාත්‍රීයේ 7.30ට පමණ කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ, නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙම වැටලීමේදී බලපත්‍ර රහිතව මෙරටට ගෙන්වූ විවිධ චීන වයින් වර්ග අඩංගු බෝතල් 656 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වයින් තොගය උත්සව සමයේ මෙරට සිටින චීන ජාතිකයින් සහ දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර මෙරටට ගෙන්වා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
අදාළ වෙළඳසැලේ තිබි, මීට සතියකට පෙර නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වූ සිගරට් තොගයක් සහ දේශීයව නිෂ්පාදනය කළ කසිප්පු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය සමත් වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
Share This Article