රජයේ නිවාඩු දිනයක් වු අද දිනයේ විවෘතව තැබෙන තැන්
Monday, 12 April 2021 - 10:15 | Views - 385

සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීින් ඇතුළු තෝරාගත් පාර්ශව කිහිපයකට අද සිට රුපියල් 5000සේ දීමනාව ගෙවීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, රජය ගත් මෙම කඩිනම් තීරණයට අප්‍රසාදය පළ කරන ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි බැංකු නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් දීමනාව ගෙවීමේ කටයුතුවලින් ඉවත් වීමටයි මේ වන විටත් තීරණය කර ඇත්තේ.
මොවුන්ට සහය පළ කරමින් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ද 5000 ගෙවීමේ කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ සමෘද්ධිලාභීන්, අඩු ආදායම්ලාභීන් ඇතුළු පාර්ශව 7කට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000සේ දීමනාවක් ගෙවන ලෙසට සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබුණේ පෙරේදා දිනයේයි.
කෙසේ වෙතත්, රුපියල් 5000සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් අද ඉවත් වුවද සෙසු ක්ෂේත්‍ර රාජකාරීවල නිරත වන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර කියා සිටියේ.
මේ අතර, අද රජයේ නිවාඩු දිනයක් වුවත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතව තැබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අද දිනයේ සාමාන්‍ය පරිදි සේවා සපයන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් කියා සිටියා.
Share This Article