අවුරුදු නැකතට ආ අමුත්තෝ
Monday, 12 April 2021 - 9:30 | Views - 473
දිවයිනේ විවිධ ප්රදේශවලින් මීට ඉහත දී වාර්තා වූ නිට්ටෑවන් නැමැති කුරු මිනිසුන් පිළිබදව යළිත් සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා.
ඒ, බදුල්ල - දෙකේ කණුව - නේත්රාගම ප්රදේශයේ ගම්වැසියන් ඒ පිළිබදව සිදුකරන අනාවරණයත් සමඟයි.
මාතර - තොටමුණ ධීවර ගම්මානයෙන් ද මීට පෙර නිට්ටෑවන් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණා.
එමෙන්ම, කුලියාපිටිය - එලතලව සහ මූණමල්දෙණිය යන ප්රදේශවලින් ද අනුරාධපුර - මහවිලච්චිය, ඇද්දකල්ල යන ප්රදේශයෙන් සහ අම්පාර - දමන - තොට්ටම ප්රදේශයෙන් මීට පෙර නිට්ටෑවන් පිළිබද තොරතුරු වාර්තා වූ අතර ඒ පිළිබදව හිරු ප්රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කළා.
එවන් පසුබිමකයි බදුල්ල - දෙකේ කණුව - නේත්රාගම ප්රදේශවාසීන් නීත්තෑවන් සිටින බවට ප්රකාශ කරන්නේ. ඒ හේතුවෙන් තමන් දැඩි බියකින් පසුවන බව ද ප්රදේශවාසීන් සඳහන් කළා.
Share This Article