වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ කොටුවෙන් පිටත් වීමට නියමිත සියලුම දුම්රිය ගමන් වාර අවලංගු කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව තුලින්ම, නව සාමාන්‍යාධිකාරිවරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් මෙසේ හදිසි වර්ජනයක් ආරම්භ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ නව සාමාන්‍යාධිකාරිවරයෙකු දෙපාර්තමේන්තුවට පිටින් පත් කළ යුතු බවයි.