මහජනතාවගේ මුදල් වංචා කිරීමේ ජාවාරමක්
Friday, 09 April 2021 - 15:51 | Views - 321
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාසිකව සිදුකරනු ලබන දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති බවත් එම ත්‍යාග මුදල ලබා ගැනීම සඳහා කිසියම් මුදලක් බදු වශයෙන් ගෙවිය යුතු බවටත් දන්වමින් මහජනතාවගේ මුදල් වංචා කිරීමේ පුද්ගල කණ්ඩායමක් පිළිබඳ පැමිණිලි වාර්තා වෙමින් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඉහත ආකාරයේ දිනුම් ඇදීම් හෝ වෙනත් කිසිදු ආකාරයක මුදල් ලබා ගැනීමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෝ විමර්ශන නිලධාරීන් විසින් සිදුනොකරන බවයි එම අධිකාරිය මහජනතාව වෙත දන්වා සිටින්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නමින් හෝ එහි විමර්ශන නිලධාරීන් යැයි පවසමින් ඔබගෙන් මුදල් ඉල්ලා සිටින්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top