පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මාසිකව සිදුකරනු ලබන දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති බවත් එම ත්‍යාග මුදල ලබා ගැනීම සඳහා කිසියම් මුදලක් බදු වශයෙන් ගෙවිය යුතු බවටත් දන්වමින් මහජනතාවගේ මුදල් වංචා කිරීමේ පුද්ගල කණ්ඩායමක් පිළිබඳ පැමිණිලි වාර්තා වෙමින් පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
ඉහත ආකාරයේ දිනුම් ඇදීම් හෝ වෙනත් කිසිදු ආකාරයක මුදල් ලබා ගැනීමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හෝ විමර්ශන නිලධාරීන් විසින් සිදුනොකරන බවයි එම අධිකාරිය මහජනතාව වෙත දන්වා සිටින්නේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නමින් හෝ එහි විමර්ශන නිලධාරීන් යැයි පවසමින් ඔබගෙන් මුදල් ඉල්ලා සිටින්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසයි.