පාසලේදී හදිසියේ මියගිය දැරියගේ මරණයට හේතුව අනාවරණය වෙයි
Friday, 09 April 2021 - 11:50 | Views - 608
වනාතවිල්ලුව බණ්ඩාරනායක විද්‍යාලයේ මියගිය 14 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට හේතුව අනාවරණය වී තිබෙනවා.
 
මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය තුළ ඇතිවු රුධිර වහනයෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.ටි.එස් බණ්ඩාර මහතා විසින් සනාථ කර තිබෙනවා.
 
එලෙස මරණයට පත්ව තිබුණේ වනාතවිල්ලුව බණඩාරනායක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි රවීෂා ධනංජනී නැමති පාසල් සිසුවියකි.අදාළ සිසුවිය අප්‍රේල් මස 6 වන දින විභාග ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටිය දී හදිසියේ රෝගී වීමෙන් පසු වනාතවිල්ලුව රෝහලට යවා තිබුණා.එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට යැවීමෙන් පසු ඇය මරණයට පත්ව තිබෙන බව සඳහන්.
 
කෙසේවෙතත් මියගිය දැරියගේ පවුලේ අය පවසා තිබුණේ, දැරිය අසනීපව සිටිය දී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී දැරිය ජීවිතක්ෂයට පත්වු බවයි.
 
දැරිය මරණයට පත්වීමෙන් පසු සිරුර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ජෛව පටල සාම්පලයක් ලබාගැනීම සිදුව තිබු අතර එම වාර්තා අනුව දැරිය කොරෝනා ආසාදිතයෙක් නොවන බවට සනාථ වී තිබු බවද වැඩිදුරටත් සඳහන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top