ලෝක රූ රැජින කැරොලයින් ජූරි මාධ්‍යයට කියූ දේ (video)
Friday, 09 April 2021 - 8:56 | Views - 243
“කණගාටුවක් නැද්ද... පොඩ්ඩක් කියලා යන්නකෝ...
මුකුත්ම කියන්න දෙයක් නැද්ද...?”

2020 විවාහක රූ රැජින අවසන් මහා තරගයේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීම් සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපන ශිල්පිනියක වන චූලා පද්මේන්ද්‍රන් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ සාපරාධී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා 3ක් යටතේයි.

මෙම සිදුවීම පසුගිය දින කිහිපයේ වඩාත් ආන්දෝලනයක් ඇතිකළා.

තරගය අවසානයේ නිල ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා සඳමාලි ද සිල්වා මහත්මිය සඳුදා අලුයම් කාලයේ කුරුඳුවත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තමාට වූ මෙම ආසාධරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලිසිය විත්තිකාර පාර්ශ්ව වෙත පසුගිය අඟහරුවාදා පැමිණ කරුණු දක්වන ලෙස නියෝග කළා.

ඒ අනුව එදින කැරොලයින් ජූරි මහත්මිය පොලිසියට පැමිණියා.

ඒ අනුව පොලිසිය ඊයේ දිනයේ සිදුවීමට අදාළ දෙපාර්ශ්වයටම පැමිණෙන ලෙස යළි දන්වා තිබුණා.

එම දැනුම්දීමට අනුව පැමිණිලිකාර පුෂ්පිකාද සිල්වා මෙන්ම කැරොලයින් ජුරි සහ එදින වේදිකාවට පැමිණි චූලා පද්මේන්ද්‍රන් යන අයද පොලිසියට පැමිණියා.

පසුව පුෂ්පිකාද සිල්වා මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කැරොලයින් ජූරි මහත්මිය තමාගෙන් සමාව ගන්නනේ නම් ගැටළුව සමතයකට පත් කර ගැනීමට එකඟ බවයි.

කෙසේ වුවත් කැරොලයින් ජූරි මහත්මිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බියගැන්වීම, හා සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය කටයුතු කළා.

ඊයේ පස්වරුව වනතුරුද ප්‍රකාශ සටහන් කර ගැනුනු අතර අනතුරුව කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් පොලිස් ඇප මත මුදා හැරියා.

එළැඹෙන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පොලිසිය ඔවුන්ට නියෝග කර තිබෙනවා.

මේ අතර, ලෝක රැජිණගේ කිරුළ ගැළවීමේ සිද්ධිය මෙන්ම ඊයේ වාර්තා වූ මෙම සිද්ධියටත් ජාත්‍යන්තර මාධ්‍යයේ ඉඩ වෙන්වී තිබුණේ මෙලෙසින්.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top