ඇස්ට්‍රාසෙනිකා එන්නත ගැන භයානක අනතුරු ඇඟවීමක්
Thursday, 08 April 2021 - 9:07 | Views - 327
මේ වනවිටත් බ්‍රිතාන්‍යයේ මිලියන 20කට එන්නත ලබා දී අවසන්..!

වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත වෙනුවට ආදේශක එන්නතක් ලබාදියයුතු බවට බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පෙන්වාදෙනවා.

ඔවුන් පවසන්නේ වයස අවුරුදු 19 ත් 30ත් අතර ඛාණ්ඩයේ පසුවන්නන් සඳහා මෙම විකල්පය ආදේශ කළ යුතු බවයි.

මේ වනවිට බ්‍රිතාන්‍යයේ මිලියන 20කට අධික පිරිසක් සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාදී ඇති අතර ඔවුන් අතරින් පුද්ගලයන් 79කට ලේ කැටිගැසීම සම්බන්ධ රෝගාබාධ මතුවුනා.

බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ මෙම තත්වය සඳහා ඇස්ට්‍රා සෙනිකා එන්නත සෘජුවම බලපා ඇති බවට කිසිදු සාක්ෂියක් නැති නමුත් මේ සඳහා එන්නත පසුබිම් විය හැකි බවට වන සාධක තහවුරු වෙමින් පවතින බවයි.

ලොවපුරා ව්‍යාප්තව ඇති කොවිඩ් 19 වසංගතය පාලන කිරීම සඳහා සියයට 90කට වැඩි ඵලදායිතා ප්‍රතිශතයක් පෙන්වූ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්යාතඥයන් කණ්ඩායමක් විසින් එළිදැක්වූ ඇස්ට්‍රා සෙනිකා එන්නතට තිඹිරිගෙයින්ම සැකසංකා මතුවීම විශේෂ සිදුවීමක්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් එන්නත් සහනාධාර ක්‍රමය යටතේ කොවිඩ් 19 රෝග ව්‍යාප්ති මර්ධනය සඳහා මෙරට ක්‍රියාත්මක වන්නේ ද ඇස්ට්‍රා සෙනිකා එන්නත්කරණයයි.

මේ අතර බ්‍රිතාන්‍ය සෞඛ්‍ය පරිපාලන අධිකාරියේ නිලධාරීන් පවසන්නේ ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබාගැනීමෙන් අනතුරුව යම් පුද්ගලයෙකුට ශ්වසන අපහසුතා,පපුවේ වේදනා, කකුල් ඉදිමීම, උදරාබාධ, බරපතළ හිසේ රුදාව, සහ එන්නත් කළ ප්‍රදේශය අවට සම රතු වීම සහ කැසීම සිදුවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top