අහසට යන කුකුල් මස් මිල
Wednesday, 07 April 2021 - 15:28 | Views - 326
පිටකොටුව බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල ඉතා අධික ලෙස ඉහල ගොස් ඇති බව කුකුළු මස් වෙළෙන්දන් පවසනවා.

අද දිනයේ බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල දැක්වුණේ කිලෝවක් රුපියල් 700ක්  වැනි අධික මිලකටයි.

ඔවුන් පවසන්නේ පවතින මිලට කුකුළු මස් අලෙවි කල නොහැකි නිසා තමන් සිය වෙළඳසැල් වසා දැමූ බවයි.

පවතින අධික මිල හේතුවෙන් සිය වෙළඳසැල් වලට පාරිභෝගිකයන් පැමිණීම ඉතා පහල ගොස් ඇති බව කොටුව කුකුල් මස් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති එම්.අයි.එම්.ඉක්බාල් හිරුට කියා සිටියා.

ඔහු අනතුරු අඟවන්නේ ඉදිරි දින කීපය තුළදී කුකුළු මස් කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ යා හැකි බවටයි.

කුකුලු ගොවිපල හිමිකරුවන් ඉතා අධික මිලකට කුකුළු අලෙවි කරන නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

කුකුල් මස් වෙළඳසැල් හිමියන් කියා සිටින්නේ කුකුලු  කෑම මිල අධික වීම මෙලෙස ගොවිපල හිමිකරුවන් විසින්  මිල ඉහල දැමීමට හේතු වී ඇති බවයි.

බැස්ටියන් මාවතේ කුකුල් මස් ව්‍යාපාරය අනාදිමත් කලෙක සිට පවත්වාගෙන යන්නක්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top