අහසට යන කුකුල් මස් මිල
Wednesday, 07 April 2021 - 15:28 | Views - 327
පිටකොටුව බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල ඉතා අධික ලෙස ඉහල ගොස් ඇති බව කුකුළු මස් වෙළෙන්දන් පවසනවා.අද දිනයේ බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල දැක්වුණේ කිලෝවක් රුපියල් 700ක් වැනි අධික මිලකටයි.ඔවුන් පවසන්නේ පවතින මිලට කුකුළු මස් අලෙවි කල නොහැකි නිසා තමන් සිය වෙළඳසැල් වසා දැමූ බවයි.පවතින අධික මිල හේතුවෙන් සිය වෙළඳසැල් වලට පාරිභෝගිකයන් පැමිණීම ඉතා පහල ගොස් ඇති බව කොටුව කුකුල් මස් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති එම්.අයි.එම්.ඉක්බාල් හිරුට කියා සිටියා.ඔහු අනතුරු අඟවන්නේ ඉදිරි දින කීපය තුළදී කුකුළු මස් කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ යා හැකි බවටයි.කුකුලු ගොවිපල හිමිකරුවන් ඉතා අධික මිලකට කුකුළු අලෙවි කරන නිසා මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.කුකුල් මස් වෙළඳසැල් හිමියන් කියා සිටින්නේ කුකුලු කෑම මිල අධික වීම මෙලෙස ගොවිපල හිමිකරුවන් විසින් මිල ඉහල දැමීමට හේතු වී ඇති බවයි.බැස්ටියන් මාවතේ කුකුල් මස් ව්‍යාපාරය අනාදිමත් කලෙක සිට පවත්වාගෙන යන්නක්.
Share This Article