දුරකථන අලෙවිසැල් වටලන මෙහෙයුම
Wednesday, 07 April 2021 - 12:29 | Views - 223

විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොමැති ජංගම දුරකථන අලෙවිසැල් වැටලීමට පියවර ගෙන ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ප්‍රකාශ කළා.මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ මූල්‍ය වංචා සිදුකරමින් පවත්වාගෙන ගිය ජංගම දුරකථන අලෙවිසැලක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.ඒ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලද තොරතුරක් මත ඊයේ සිදුකල වැටලීමකට අදාළවයි.එහිදී අදාල අලවිසැල පවත්වාගෙන ගිය පුද්ගලයන් අධික මිල ගණන් යටතේ පවතින ජංගම දුරකථන ඉතා අඩු මිලට ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගෙන පාරිභෝගිකයන්ට ජංගම දුරකථන ලබා දී නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.මුදල් ලබා දීමෙන් දින 20කට පසුව ජංගම දුරකථනය ලබා දෙන බවට වන කොන්දේසියක් යටතේ අලවිකරුවන්, පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගෙන තිබෙනවා.කෙසේවෙතත් මුදල් ලබා දී තමන්ට දින 20කට පසුව ද ජංගම දුරකථන හිමි නොවූ බවටයි විවිධ පුද්ගලයන් පාරිභෝගික සේවා අධිකාරිය වෙත පැමිණිලි කර ඇත්තේ.ඒ අනුව සිදු කල මූලික විමර්ශනවලදී අදාල ජංගම දුරකථන අලවිකරුවන්ගේ ගිණුම් වල තිබී රුපියල් කෝටි 30 ක මුදලක් හමුවූ බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කර නොමැති මෙම අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇත්තේ අවුරුදු 20ත් 30ත් අතර වයස් වල පසුවන තරුණයින් හතර දෙනෙකු විසින්.
Share This Article