පාසල් විභාගය අතරතුර හදිසියේ දැරියක් මරුට
Wednesday, 07 April 2021 - 12:04 | Views - 458
වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර විද්‍යාලයේ සිසුවියක වාර විභාගයට පෙනී සිටින අතරතුරදී හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් පසුව ඊයේ (06) දා මියගොස් තිබෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කළා.
 
මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරනායකපුර විද්‍යාලයේ 09 වන ශේණියේ අධ්‍යාපනය ලබමින් සිටි වනාතවිල්ලුව කාටුපුලියන්කුලම පදිංචි 14 හැවිරිදි රවිෂා ධනංජනී නැමැති දැරියක් බවයි සඳහන් වන්නේ.
 
මෙම සිසුවිය වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින අතරතුරදී අසනීපව මෙසේ වනාතවිල්ලුව රෝහලට ඇතුළත් කර පසුව පුත්තලම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
 
කෙසේ නමුත් ඥාතීන් චෝදනා කරනුයේ අදාළ දැරිය වාර විභාගයට පෙනීසිටිමින් පිළිතුරු සැපයීමේදී කොපි කිරීමක් සම්බන්ධව ගුරුවරියක දොස් තැබීමෙන් පසුව දැරිය එකවර අසනීප වී ඇති බවයි. 
 
එසේ අසනීපව සිටි දැරිය රෝහල් ගත නොකර විනාඩි 45කට අධික කාලයක් පාසල තුල රඳවා මවට දැනුම් දී මව පැමිණීමෙන් පසුව වනාතවිල්ලුව රෝහලට ත්‍රීරෝද රථයකින් යවා ඇති බවද ඥාතීන් සඳහන් කළා.
 
සිසුවිය වනාතවිල්ලුව රෝහලේදී ද තවත් පැය භාගයකට ආසන්න කාලයක් තබාගෙන පුත්තලම මුලික රෝහලට එවා ඇති බවත් එම ප්‍රමාදය හේතුවෙන් දැරියගේ ජීවිතය අහිමි වූ බවද ඥාතීන්  චෝදනා නඟනවා.
 
එසේම දැරියගේ ඥාතීන් පවසන්නේ මෙම මරණය සම්බන්ධව බරපතළ සැක මතු වී ඇති බවත්, කිසිඳු රෝගයක් නොතිබූ දැරිය මෙසේ මරණයට පත්වීම ගැටළු සහගත තත්ත්වයක් බවත්ය.
 
දැරිය පුත්තලම මුලික රෝහලේදී මියයාමෙන් පසුව පුත්තලම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් රෝහලට පැමිණ සිටි බවටද සඳහන්.
 
කෙසේ වෙතත් ඥාතීන් නඟන චෝදනා විද්‍යාලයේ විදුහල්පති ප්‍රතික්ෂේප කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
නමුත් ඥාතීන් පවසන්නේ මේ පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා වනාතවිල්ලුව පොලිසියට පැමිණිලි කර තිබෙන බවයි.
 
කෙසේ වෙතත් පී.සී.ආර් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.
 
 
උපුටා ගැනීම - ලංකාදීප 
 
 
  
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top