සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දූ දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්.. දෙසැම්බර් 02 මධ්‍යම රාත්‍රියේ සිට සියලුම උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ තහනම් කෙරේ..
Saturday, 28 November 2026 - 15:10 | Views - 12
අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති, ලබන මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාග අවසන් වන තුරු තහනම් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ද මෙම කාලය තුළ තහනම් කර ඇති බවයි.
එමෙන්ම, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව විභාගය දෙසැම්බර් 17 දක්වා මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වෙනු ඇති.
Share This Article