දිට්වා සුළි කුණාටුව නිසා වසරක් තිස්සේ වරකාපිටියේ සිරවී තිබූ දුම්රිය.. අද උදෑසන පේරාදෙණියට එයි..
වසරකට ආසන්න කාලයක් තැඹිලිගල - වරකාපිටිය දුම්රිය ස්ථානය අසල නවතා තිබූ දුම්රියක් අද (19) පෙරවරුවේ පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.
පසුගිය වසරේ ඇති වූ දිට්වා සුළි කුණාටුවත් සමග ගම්පල සහ උලපනේ අතර දුම්රිය මාර්ගයට දැඩි ලෙස හානි වී තිබුණා.
ඒ නිසා මෙම දුම්රිය ධාවනය කළ නොහැකිව එම ස්ථානයේ නවතා තැබීමටයි පියවර ගෙන තිබුණේ.
කෙසේ වෙතත්, දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කිරීමෙන් පසු අද උදෑසන අදාළ දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානය කරා රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.