දික්කසාද නඩුවට පැමිණි යුවළකගේ ආරවුලක් දුරදිග යයි.. මඩකලපුව ගාන්ධි උද්‍යාන රථගාලේ සිදු වූ උණුසුම් ගැටුම..
Thursday, 19 November 2026 - 18:09 | Views - 51
මඩකලපුව අධිකරණයේ පැවති දික්කසාද නඩුවක් සඳහා පෙනී සිට ආපසු පැමිණෙමින් සිටි සැමියෙකු සහ බිරිඳක අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ගාන්ධි උද්‍යානයේ රථගාලේදී උණුසුම් ගැටුමක් හටගෙන තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ වාචික බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වී ඇති අතර, එම අවස්ථාවේදී සැමියා සහ බිරිඳගේ සහෝදරයා (මස්සිනා) අතර බරපතල ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

එහි සිටි මහජනතාව මැදිහත් වී දෙපාර්ශ්වය වෙන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන් දැඩි ලෙස කෝපයට පත් සැමියා සිය මෝටර් රථය පණ ගන්වා සිය මස්සිනා දෙසට ධාවනය කරමින් ඔහුව යට කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී මස්සිනා විසින් මෝටර් රථයට පහර දී බරපතල අලාභහානි සිදු කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි මඩකලපුව මූලස්ථාන පොලිසිය ගැටුමට සම්බන්ධ සැමියා, බිරිඳ සහ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇති අතර, අලාභහානි වූ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top