දින 5ක් පුරා ඇඳී ගිය දැවැන්ත ලකුණු සංග්‍රාමය.. ශ්‍රී ලංකා - පාකිස්ථාන පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි..
නොවැම්බර් 9 වැනිදා ආරම්භ වූ මෙම තරගයේදී පාකිස්ථානය සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 434ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 446ක් රැස් කිරීමට සමත් වුණා.
ශ්‍රී ලංකා පළමු ඉනිමේදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ධනංජය ද සිල්වා පන්දු 246කදී හතරේ පහර 20ක් සමග ලකුණු 167ක් රැස් කළා.
නායක කුසල් මෙන්ඩිස් පන්දු 202කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 119ක් රැස් කිරීමට සමත් වුණා.
ඊට අමතරව කමිඳු මෙන්ඩිස් ලකුණු 58ක් සහ ළහිරු උදාර ලකුණු 42ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළා.
පාකිස්ථාන පළමු ඉනිමේදී සවුද් ශකීල් ලකුණු 93ක්, තයියාබ් අරිෆ් ලකුණු 57ක්, මොහොමඩ් තාහා ලකුණු 51ක් සහ නායක බාබර් අසාම් ලකුණු 50ක් රැස් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගත් අතර, ළහිරු කුමාර, මිලාන් රත්නායක සහ සොනාල් දිනූෂ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.
අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථානය කඩුලු 8ක් දැවී ලකුණු 284ක් රැස් කළා.
එහිදී සවුද් ශකීල් ලකුණු 97ක් රැස් කළ අතර, බාබර් අසාම් ලකුණු 34ක් සහ ගාසි ඝෝරි ලකුණු 35ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 3ක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුණා.