2027 නව අයවැය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට.. මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙයි..
Thursday, 12 November 2026 - 13:42 | Views - 46
ලබන වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වන විටත් පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

අයවැය විවාදය අද සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 26 ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, අයවැය දෙවැනිවර කියවීමේ විවාදය අද සිට 20 වැනිදා දක්වා දින 7ක් පැවැත්වෙන අතර, දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම එළඹෙන 20 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය එළඹෙන 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා සෙනසුරාදා දින හතරක් ද ඇතුළුව දින 19 ක් පැවැත්වෙන අතර තුන්වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරුවේ පැවැත්වෙනවා.

2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදායි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top