පසුගිය වසර තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ලක්ෂ 3කට වැඩි පිරිසක් අත්අඩංගුවට.. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් හෙළිදරව්වක්..
Sunday, 01 November 2026 - 10:04 | Views - 32
පසුගිය වසරේ (2025) ඔක්තෝබර් මස 31 වනදා සිට මෙතෙක් ගෙවුණු කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,10,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසනවා.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ සක්‍රියව නිරත වූ පාසල් සිසුන් 50 දෙනෙකු ද සිටින බව එම කාර්යාංශය අනාවරණය කරන්නේ.

එමෙන්ම, ගෙවුණු වසර තුළ සිදුකළ වැටලීම්වලදී ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරම්කරුවන් 1,043 දෙනෙකු සහ 'අයිස්' මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වයස අවුරුදු 18 ත් 21 ත් අතර පසුවන තරුණයින් 4,238 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙයට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කෙලින්ම සම්බන්ධ වූ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 85 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 24 දෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top