අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට.. පාරිභෝගිකයන්ට ලැබුණු කණගාටුදායක ආරංචිය..
Friday, 30 October 2026 - 17:43 | Views - 41
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 (450g) පාන් ගෙඩියක සහ අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට වෙළෙඳපොළේ අලෙවි වන පාන්, බනිස්, ෂෝට්ඊට්ස් ඇතුළු ප්‍රධාන බේකරි නිෂ්පාදන රැසක මිල ගණන් මෙලෙස ඉහළ යනු ඇති.

පවතින නිෂ්පාදන පිරිවැය සහ අමුද්‍රව්‍ය මිල ගණන් හමුවේ මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට මෙම හදිසි මිල ඉහළ දැමීම තවත් දැවැන්ත බරක් වනු ඇති බවට ජනතාව චෝදනා කරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top