ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුත් RTI පනතට යටත් වෙයි.. තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවෙන් සන්ධිස්ථානීය තීන්දුවක්..
Monday, 26 October 2026 - 17:28 | Views - 23
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ "පොදු අධිකාරියක්" (Public Authority) යන අර්ථ නිරූපණයට ඇතුළත් වන බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) විසින් තීන්දු කර තිබෙනවා.

සණස සංවර්ධන බැංකුවේ (SDB Bank) ගනුදෙනුකරුවකු විසින් සිය ණය සඳහා අදාළ වූ පොලී අනුපාතිකය සමාලෝචනය කළ ආකාරය පිළිබඳ තොරතුරු ඉල්ලා ගොනු කරන ලද අභියාචනයක් විභාග කරමින් කොමිෂන් සභාව මෙම තීන්දුව ගෙන තිබෙනවා.

අදාළ තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් SDB බැංකුව 2025 අප්‍රේල් 9 වන දින විද්‍යුත් තැපෑල (Email) ඔස්සේ තොරතුරු ලබා දී තිබුණද, එම පිළිතුර පිළිබඳව සෑහීමකට පත් නොවූ ගනුදෙනුකරු තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

අභියාචන විභාගයේදී බැංකුව තර්ක කර සිටියේ තමන් අවස්ථා හතරකදී විද්‍යුත් තැපෑල හරහා තොරතුරු ලබා දී ඇති බවයි.

එසේම, තමන් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගමක් බැවින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ "පොදු අධිකාරියක්" ලෙස නොසැලකෙන බවද බැංකුව සඳහන් කර තිබෙනවා.

2026 ඔක්තෝබර් 21 දින අභියාචනා තීන්දුව මගින් කොමිෂන් සභාව බැංකුවේ තර්කය ප්‍රතික්ෂේප කර ඇති අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිකුත් කළ බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික බැංකුවක් යනු පනතේ දැක්වෙන ව්‍යවස්ථාපිත අර්ථ නිරූපණයට අනුව "පොදු අධිකාරියක්" බව කොමිෂන් සභාව තීන්දු කර තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනතේ 3(1) වගන්තියට අනුව 5 වන වගන්තියේ ප්‍රතිපාදනවලට යටත්ව, පොදු අධිකාරියක් සතුව පවතින තොරතුරු ලබාගැනීමට සෑම පුරවැසියෙකුටම අයිතියක් ඇති අතර, පනතේ 43 වන වගන්තිය මගින් "පොදු අධිකාරිය" යන්න අර්ථ නිරූපණය කර ඇති අතර, එහි (e) ඡේදය මගින් නියමිත කොන්දේසිවලට යටත්ව ඇතැම් පෞද්ගලික ආයතන ද ඊට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, කොමිෂන් සභාවේ මෙම තීන්දුව මගින් මහ බැංකු බලපත්‍ර ලාභී පෞද්ගලික බැංකුවලටද මෙම පනතේ බලපෑම සෘජුවම අදාළ වන බව පැහැදිලි කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top