දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්.. අවදානම් ප්‍රදේශවල ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන්නැයි දැනුම්දෙයි..
Monday, 26 October 2026 - 14:52 | Views - 26
ප්‍රදේශ කිහිපයකට අදාළව නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගාල්ල තවලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු අදියර යටතේ (කහ) නිවේදනයක් නිකුත් කර තිබෙන අතර කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, බුලත්සිංහල, බේරුවල සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාද කහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයේම වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප්‍රදේශ සඳහා දෙවැනි මට්ටම යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, රුවන්වැල්ල, අරණායක, යටියන්තොට සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පළමු මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළය සහ නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාද පළමු මට්ටමේ (කහ) නිවේදනයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත සහ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු ඇඟවීමක් සමග කුරුවිට, අයගම සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවැනි මට්ටම යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කිරීමටද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top