රාජකාරියට එහා ගිය මානුෂීය ගුණය - සුනඛයෙකුට පාර මාරු වීමට පිහිට වූ පොලිස් නිලධාරියා..
මහමග අපහසුතාවට පත්ව සිටි ආබාධිත සුනඛයෙකුට පාර මාරු වීමට උපකාර කරමින්, පොලිස් නිලධාරිවරයෙක් දැක්වූ උතුම් මානුෂීය ගුණය නිරූපණය වන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්ය ජාලයන්හි දැඩි අවධානයට හා ඇගයීමට ලක්ව තිබෙනවා.
මගියෙකු විසින් පටිගත කර සමාජ මාධ්ය වෙත මුදාහැර ඇති මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ, හිස්වැසුම් පැළඳ රාජකාරියේ නිරතව සිටි අදාළ පොලිස් නිලධාරියා, මංසන්ධිය අසල රැඳී සිටි සුනඛයා වෙත පැමිණෙන ආකාරයයි.
අදාළ සමාජ මාධ්ය සටහනට අනුව, මෙම සුනඛයා ආබාධිත තත්ත්වයෙන් පසුවූ බැවින් අධික රථවාහන තදබදයක් පැවති මාර්ගයෙන් මාරු වීමට නොහැකිව සිට තිබෙනවා.
එහිදී වහා ක්රියාත්මක වූ පොලිස් නිලධාරියා, අදාළ සුනඛයා දෝතට ගෙන ආරක්ෂිතව මාර්ගයේ අනෙක් පසින් තබන අයුරු වීඩියෝවේ සටහන්ව තිබෙනවා.
තමන්ගේ නිල රාජකාරියෙන් ඔබ්බට යමින් අසරණ සතෙකු වෙනුවෙන් දැක්වූ මෙම හෘදයාංගම ක්රියාව බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව තිබෙනවා.