වාර්තා අලුත් කරමින් එංගලන්තයෙන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවක්.. ශ්‍රී ලංකාවට ලකුණු 430ක අතිදැවැන්ත ඉලක්කයක්..
Thursday, 22 October 2026 - 18:46 | Views - 38
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අද පැවැත්වෙන තරගයේ කඩුලු 04 දැවී ලකුණු 429 ලබා ගැනීමට එංගලන්තය සමත් වුණා.

පළමුව කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 429 ලබා ගත්තා.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නායක Harry Brook පන්දු 116ක් තුළ ලකුණු 202ක් ලබා ගත්තා.

එයට 04 පහරවල් 21ක් සහ 06 පහර 10ක් ඇතුළත්.

මෙය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගවත්ම ද්විත්ව ශතකය ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ ඉන්දීය ක්‍රීඩක ශුබ්මන් ගිල්.

ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව සැප්තැම්බර් 30 වැනිදා පැවැති තරගයේදී පන්දු 117කින් ද්විත්ව ශතකය සම්පූර්ණ කර තිබුණා.

එමෙන්ම Will Jacks නොදැවී ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ කඩුලු 02ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 430ක ඉලක්කයක් හිමිවනු ඇති.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top