රාජකාරියට එහා ගිය මානුෂීය ගුණය - සුනඛයෙකුට පාර මාරු වීමට පිහිට වූ පොලිස් නිලධාරියා..
Thursday, 22 October 2026 - 19:32 | Views - 58
මහමග අපහසුතාවට පත්ව සිටි ආබාධිත සුනඛයෙකුට පාර මාරු වීමට උපකාර කරමින්, පොලිස් නිලධාරිවරයෙක් දැක්වූ උතුම් මානුෂීය ගුණය නිරූපණය වන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි අවධානයට හා ඇගයීමට ලක්ව තිබෙනවා.

මගියෙකු විසින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ, හිස්වැසුම් පැළඳ රාජකාරියේ නිරතව සිටි අදාළ පොලිස් නිලධාරියා, මංසන්ධිය අසල රැඳී සිටි සුනඛයා වෙත පැමිණෙන ආකාරයයි.

අදාළ සමාජ මාධ්‍ය සටහනට අනුව, මෙම සුනඛයා ආබාධිත තත්ත්වයෙන් පසුවූ බැවින් අධික රථවාහන තදබදයක් පැවති මාර්ගයෙන් මාරු වීමට නොහැකිව සිට තිබෙනවා.

එහිදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා, අදාළ සුනඛයා දෝතට ගෙන ආරක්ෂිතව මාර්ගයේ අනෙක් පසින් තබන අයුරු වීඩියෝවේ සටහන්ව තිබෙනවා.

තමන්ගේ නිල රාජකාරියෙන් ඔබ්බට යමින් අසරණ සතෙකු වෙනුවෙන් දැක්වූ මෙම හෘදයාංගම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top